අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ඉංග්‍රීසි අධ්‍යාපනය හා නීතිවිද්‍යාල විභාග ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීමට යෑම පිළිබඳ විපක්ෂය යොමු කළ ප්‍රශ්න කීපයකට ප්‍රතිචාර දක්වමිනි.
මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන විසඳුමක් ලබාදිය යුතුයි. මුළු රටේ පළාත් නවයේ ඉංග්‍රීසි විෂය පිළිබඳ අධ්‍යක්ෂවරු,ගුරු උපදේශකවරු,ප්‍රාථමික අධ්‍යක්ෂවරු කැඳවා ඊයේ ආරම්භ කළා, උතුරු පළාතේ දින තුනක වැඩමුළුවක්.
''දෙසැම්බර් 21 දින වන විට මුළු දිවයිනේ ම පුහුණුකරුවන් 450ක් පුහුණු කර අවසන් කරනවා.පළමු ශ්‍රේණියෙන් ආරම්භ කරනවා, භාවිතයෙන් ඉංග්‍රීසි.මේ සඳහා බ්‍රිටිස් කවුන්සිලයේ සහාය අරන් ත්බෙනවා.නව ඉගැන්වීමේ ක්‍රම අනුව දරුවන්ගේ වැඩපොත් මේ දිනවල සැලසුම් කරගෙන යනවා. මාර්තු මස අවසන් වීමට පෙර ප්‍රාථමික පළමු ශ්‍රේණිය උගන්වන ගුරුවරු 13,000ක් ගුරු මධ්‍යස්ථාන හා පළාත් මට්ටමින් පුහුණු ඉරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.එය අවසන් වූ වහාම 2 වන ශ්‍රේණිය ගුරුවරුන්ටත් ඉංග්‍රිසි පුහුණුව සඳහා කටයුතු ආරම්භ කරනවා.''යැයි පැවසීය