සෙස් බද්දෙන් ලබා ගන්නා ආදායම යොදවන්නේ,එම ආනයනික භාණ්ඩයේ ආදේශනයන් ලෙස අප රටේ කෙරෙන නිෂ්පාදනවලට අත දිම සඳහා බවත් අභ්‍යාස පොත් නිෂ්පාදනයට අවශ්‍ය කඩදාසි සඳහා අලුතින් සෙස් බද්දක් පනවා නොමැති බවත් යම්කිසි මිලවැඩිවීමක් තිබෙනවා නම් එය වෙනම සොයාබැලිය යුතු කාරණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් පැවසීය.
සෙස් බදු ඩොලරයේ අගයට ගැළපීම නිසා,පාසල් සිසුන් එදිනෙදා භාවිතා කරන පාසල් උපකරණවල මිල දැඩි සේ ඉහළ ගොස් ඇතැයි කියන ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම නිවේදනය ඉදිරිපත් කළේ ය.
''ආනයනය කරනු ලබන මුද්‍රිත පොත් ,අභ්‍යාස පොත්,පැන්සල් ,මකන හා අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි ආදී කිසිවක සෙස් බද්ධ නොවැම්බර් 15 දින සිදු කළ ගැළපීම මඟින් වෙනස් වී නොමැත. එම නිසා එම ද්‍රව්‍යවල මිලහි ආනයනයන්ගේ හෝ දේශීය නිෂ්පාදනයන්ගේ කිස්දු වැඩිවීමක් සෙස් බදු ගැළපීම නිසා සිදු නොවේ. ආනයන වටිනාකම මත සෙස් බද්දක් පනවන්නේ, මේ ආනයනයන් සඳහා ආදේශන අප රට තුළ නිෂ්පාදනය කරන විට දී ය.
බදු හැසිරවීම මත අප රටේ නිපදනවල නිෂ්පාදන ආරක්ෂා කිරගැනීමේ වැදගත්කම පැහැදිළිය. එ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් ආනයන භාණ්ඩවලට ඉතා හොඳ තරඟකාරීත්වයක් ලබාදෙන බෝල් පොයින් පෑන්, පාවහන් හා බෑග් ආදිය හි සෙස් බද්ද, ඩොලරයේ වෙනස් වීමට ගැළපීමක් කළ අතර ඒ නිසා ආනයනය කරනු ලබන එම භාණ්ඩවල මිල වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති නමුදු, දේශීයව නිපදනවන එම ද්‍රව්‍යවල මිල කිසිසේත් වැඩිවීමට ඉඩක් නොමැත.
එසේ ම දේශීයව නිපදවන එම නිෂ්පාදන සඳහා යම් කොටස් ආනයනය කරනුලබන්නේ නම්, ඒවායේ සෙස් බදු වෙනස් වී ඇත්නම්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. සෙස් බද්දෙන් ලබා ගන්නා ආදායම යොදවන්නේ,එම ආනයනික භාණ්ඩයේ ආදේශනයක් ලෙස අප රටේ කෙරෙන නිෂ්පාදනවලට අත දිම සඳහා ය. මෙවන් අවස්ථාවක මෙම අරමුණේ ඇති වටිනාකම වටහා ගත යුතුය. යම් පාලනයක් කරන්න සිදුවෙලා තිබෙනවා දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට.රටක් ලෙස උපරිමයෙන් පාසල් දරුවන් වෙනුවෙන් යනවා කියන එක ප්‍රකාශ කරනවා.''