අයවැය දෙවන වන කියවීමේ පස්වන දිනය වන අද ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් විවාදය ආරම්භ කරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙවර අයවැය සහන අයවැයක් නොවන් බවත් වියදම් පාලනය කර ගත යුතු සහ ආදායම් ඇති කර ගත යුතු අයවැයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ රට යළිත් හොඳ මාවතකට පිවිසීගෙන එන විට විපක්ෂය යළිත් තම දේශපාලන න්‍යාය පත්‍යය ක්‍රියාත්මක කරමින් සිටින්නේයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අර්බුදය දඩමීමා කරගෙන බොරදියේ මාළු බාන පිරිසක්ද සිටින බවත් එහෙත් අර්බුදයෙන් රට ගොඩ ගන්න මොනවද කළ යුතත්තේ යන්න අප කල්පන කළ යුතු බවද අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා;
''අද වන විට ජන ජීවිතය සමාාන්‍ය තත්වයට පත්වීගෙන එනවා. සංචාරක ව්‍යාපාරය යළි නගා සිටිමින් සිටින වේලාවක ඇතැම් කණ්ඩායම් උද්ඝෝෂණ කරන්න තරණයෝ මෙහෙව්වා. එළඹෙන දෙසැම්බරයේ එන සංචාරක සීසන් එක එන සමයේ දී අරගල කරන්න ජනතාව පොළඹවනවා. ආර්ථිකය වට්ටන්න මෙලෙස වගකීම් විරහිතව ක්‍රියා කරන්න එපා කියා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහය දක්වමින් රට ගොඩ නගන වැඩ පිළිවෙළට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය වන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කීය.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ ඉතා හොඳ යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂයේ සිටින සියළු දෙනා එය කියවිය යුතු බවත් අමාත්‍යවරයා, පැවසීය.