අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රමිත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා;
දේශපාලක්ඥයන්, රාජ්‍ය සේවයකයෝ, වෘත්තීය සමිතිො සහ ආගමික නායකයින් මේ සියල්ලෝම මේ අර්බුදයේ විත්තිකාරයෝ වෙනවා. ඒ වගේම මාධ්‍යයත් මේ විත්තියේ කොටස් කරුාවෝ. මෙම අර්බුදය පටන් ගත්ත වෙලාවේ සිට කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලට කළින් ගියනම් හරි කියලා.
ලෝකයේ අනෙකුත් රටවල් වේගයෙන් දියුණු වෙද්දී අපි එක තැන කැරකෙන සෙක්කුවක් වගේ, වියට්නාමය වගේ රටවල් ආර්ථිකයයි, ඉතිහාසයයි, දේශපාලනයයි පටලව ගත්තේ නැහැ. එම රටවල් අද ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරනවා.
උපාධිය තිබුණද රාජ්‍ය සේවයේ ඇතැම් තරුණ තරුණියන්ට ලිපියක් හෝ ලියා ගන්න බැරි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එය පවතින අධ්‍යාපන ක්‍රමයේ වරදක් බව පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවයට උපාධිධාරින් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් හෝ නොපැවැත් වූ බවත් එය සිදු කළ බරපතල වරදක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උපාධිධාරින්ට රැකියා ලබා දීම රටේ අවශ්‍යතාව අනුව සිදු වූ දෙයක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
හෝඩිය පන්තියේ සිට නිදහස් අධ්‍යාපනය දීල,උසස් අධ්‍යාපනයේදී මහපොළ දීලා, නේවාසික පහසුකම් දීලා හදන දරුවන්ට පෞරුෂයක් නෙැමති වීමේ වරද අපි සැම දෙනාම භාර ගත යුතු බවත් , අපි කළ ලොකුම අසාධාරණය කර ඇත්තේ අධ්‍යාපනයට බවද අමාත්‍යවරයා සඳහන් කළේය