ලේකම්වරිය මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(19) පැවති ලෝක ධීවර දිනය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවේදී නීල හරිත සංකල්පය ක්‍රියාත්මක කිරීම හා සංචාරක ධීවර ප්‍රවනතාව මෙරට ධීවර කර්මාන්තය වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
එහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද අදහස් දැක්වූ අතර ඒ මහතා පැවසුවේ, තනි තනිව රාජ්‍ය පාලනය කිරීම වෙනුවට ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියාකිරීමෙන් රට නැවතත් ගොඩගැනීමට හැකියාවක් ඇති බවත්, ඉදිරියේදී සංචාරක අමාත්‍යංශය හා එක්ව සංචාරක ධීවර ප්‍රවනතාව මෙරට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කරන බවයි.