රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (19) පැවති ලෝක ධීවර දිනය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙරට ධීවරයන්ට අවශ්‍ය පරිදි ඉන්ධන නොලැබෙන බවට වන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දෛනිකව ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, භූමිතෙල් සම්බන්ධයෙන් තැනින් තැන සැපයීමේ අඩුපාඩු ඇතිවී තිබෙන්නේ එය ඇනවුම් කිරීමේදී ඉන්ධනහල්වලින් වන අඩුපාඩු නිසා පමණක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.