මෙම පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබදව මේ වන විට සිදු කර ඇති විමර්ශන, ඔවුන් බන්ධනාගාර ගතව සිටි කාලය හානිදහස් කිරීම සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී සාකච්ඡා විය.
නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සාකච්ඡාව සදහා පැමිණිජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබදව සිදු කරන ලද විමර්ශන හා සිර දඩුවම් නියම කර සිටිනසිරකරුවන් මෙන්ම නිදහස් කර ඇති සිරකරුවන් සම්බන්ධව කරුණු පැහැදිලි කළ අතර, මෙම පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන්පිළිබදව ඉදිරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය හා බන්ධනාගාරදෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර සිදු කිරීමට තීරණය විය.
මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාරඋපුල්දෙණිය, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ නීතිපතිදෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවනියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගි විය.