රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව ජපන් භාෂාව හෝ කොරියන් භාෂාව වැනි භාෂාවක් සමඟ වෘත්තිය පුහුණුව ලබාදී පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට එමගින් හැකිවනු ඇති බවත්,වෘත්තිය පුහඅණු ලබාදෙන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සියල්ල විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ලබන වසරට එය ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය පෙළට පිවිසීමට පෙර පාසල් හැරයන පිරිස වෙනුවෙන් වෘත්තිය පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කරන බවත්, දැනට අඩපණ වී ඇති 13ප්ලස් අධ්‍යාපන කටයුතු ඉදිරියේදී නැවත සක්‍රීය කරන බවත්, මෙමගින් තරුණයින් අතර පීඩනය යම් ආකාරයකට පාලනය කිරීමට හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.