රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වු අමාත්‍යවරයා මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදිළි කරමින් මේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දේශීය අමුද්‍රව්‍ය යොදා නිපදවන අභ්‍යාස පොත් මෙරට නොමැති බවත්, අභ්‍යාස පොත් සඳහා අමුද්‍රව්‍ය ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන් බවත්, එම නිසා ගෙන එන කඩදාසි සම්බන්ධයෙන් සෙස් බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවත්, පැවසීය.
එමෙන්ම ඉදිරියේදී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පාසල් අභ්‍යාස පොත් මුද්‍රණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.