රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් පුහුණු කිරීම සිදුවන බවත්, දෙසැම්බර් 21 වන විට රම අදියර අවසන් කර ඉන් අනතුරුව ගුරුපපුහුණුව පටන් ගන්නා බවත්, ගුරුවරුන් වෙනුවෙන් වැඩ පොත් වැනි දෑ මුද්‍රණය කර අවසන් කිරීමට පටන් ගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික අපහසුතා රැසක් තිබුනද අධ්‍යාපන ක්ෂේත්‍රය නිවැරදිව පවත්වාගෙන යන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව මේ වන විට පටන් ගෙන ඇති බවත්, එය පාරිපාලනමය වශයෙන් සිදුවිය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න සාකච්ඡා වන බවත් අමාත්‍යවරයා පැවසීය.