රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ,(20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම ගුරු සේවාව, ගුරු උපදේශක සේවාව, අධ්‍යාපන පරිපාලන සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවය හා විදුහල්පති සේවාව යන සේවා පහ සමඟ පසුගිය කාලය තුළ සාකච්ඡා කළ බවත්, මේ සියලු දෙනාගේ සහයෙන් අමාත්‍යංශයේ කටයුතු පවත්වාගෙන යන බවත්, අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී කුමන තත්වයක් මත වුවත් සිසුන්ට ඉගෙනගැනීමේ කාලය අහිමිනොවීමට සියලු දෙනා කටයුතු කරන බවත්, පසුගිය කොවිඩ් සමයේ සිසුන්ට අහිමිවූ කාලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.