ඉකුත් 2018-19 වර්ෂවල සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන්ට දීප ව්‍යාප්ත විභාගයක් පවත්වා ගුරු
සේවා ව්‍යවස්ථාව අනුව ගුරු තුලනය කර ගැනීම මගින් ගුරු සේවයට බඳවා ගැනිමට කටයුතු කරන බවත්, එම
කටයුතු ලබන වසරේ පළමු කාර්තුව අවසන් වන විට සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන
අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය
සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම
සම්බන්ධයෙන් පැහැදිළි කරමිනි.
මෙසේ ගුරු පත්වීම් ලබාදෙන පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදය සම්බන්ධ පශ්චාත් උපාධි
ඩිප්ලෝමාව වසර 03ක් ඇතුලත සම්පුර්ණ කිරීමට ලබාදෙන බවත්, එසේ ලබාගැනීමෙන් පසුව සිය තනතුරේ ස්ථිර
වීමට ඔවුන්ට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව සංවර්ධන නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමෙන් ගුරු සේවයට 23 000ක පමණ පිරිසක් බඳවා ගැනීමට
නියමිත බව අමාත්‍යවරයා පැවසීය.