සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙය සිදුවිය..
ලෝක බැංකු ණය ආධාර යටතේ මෙරටට හිමිවුණු මෙම ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර ප්‍රධාන රෝහලක් කරා රෝගියෙකු රැගෙන යනතෙක් මූලික ප්‍රතිකාර රැසක් ඒ තුළ සිදු කළ හැක.
මෙම එක් ගිලන් රථයක් රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුක්තය.
දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතීන් ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ මෙම වැඩපිළිවෙළට සමගාමීව එම රෝහල්හි මූළික අඩුපාඩු සොයා බලමින් කළ හැකි මට්ටමේ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රෝහල් නිරීක්ෂණය කිරීමද මේ යටතේ සිදු වේ.
ඒ අනුව මැදවල ප්‍රාදේශීය රෝහලේ සිදුකළ හැකි මට්ටමේ මූලික අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය. වසර අසූවක් පැරණි මැදවල ප්‍රාදේශිය රෝහල කරා නවීන ගිලන් රථයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර මෙයට පෙර එම රෝහලට ලැබී තිබුණේ විටින් විට අලුත් වැඩියා කරනලද ගිලන්රථ පමණි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ජේෂ්ඨ උපදේශක අධ්‍යාපනපති කහගල සීලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.
තවදුරටත් දිවයින පුරා ප්‍රාදේශීය රෝහල්හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතීන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ උපරිමයෙන් ක්‍රියාත්මක ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී තිබේ.