මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා (කෝප්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර මහතා සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා නම් කොට තිබේ.
එසේම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර මහතාගේ සහ වේලු කුමාර් මහතාගේ නම් කථානායකවරයා විසින් නිවේදනය කරන ලදි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා නම් කොට ඇති බව ද කථානායකවරයා නිවේදනය කළේය.