අයවැය දෙවන වර කියවීමේ හයවන දිනය වන අද (21) විවාදයට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ,ගෙවීම් පද්ධති, සමාජ ආරක්ෂණ පද්ධති ආදී පුරවැසි කාර්යයන් සඳහා ඩිජිටල්කරණය භාවිතා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2023 අයවැයෙන් කියවෙන්නේ රට නව ශ්‍රී ලංකාවකට ගමන් කරන බවයි. ආර්ථිකය නව මාවතක් කරා රැගෙන යාම, තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් මෙවර අයවැය ඉදිරිපත් කරතිබේ.
සමාජයේ සෑම අංශයකටටම මෙවර අයවැයෙන් ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. මෙවර අයවැයේ නව බදු හඳුන්වාදීමක් නැහැ, බදු රැස් කිරීම , පරිපාලනය සහ පරිපාලනය වඩාත් ක්‍රමවත් කිරීම සඳහා කරුණු මෙවර අයවැයේ අඩංගු බවද කිය.