අයවැය දෙවන වර කියවීමේ හයවන දිනය වන අද (21) ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අයවැය විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම එකම බලවේගයක් බවට පත් වී, මේ හදන අයවැය පොදු ජනතාව පිළිගන්නා ලියවිල්ලක් බවට පත් කර ගත යුතු බවයි.
ඇතැම් දේශපාලක්ඥයන් පාර්ලිමේන්තුවට ඇවිත් පළමු පැය ගත කරන්නේ මාධ්‍ය වෙනුවෙන් බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය.
කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන බවත් , එහෙත් සභා ගැබට ඇවිත් එම යෝජනාවට බැන වදින බවද ඒ මහතා පැවසීය. මෙවැනි දෙබිඩි පිළිවෙත් තබාගෙන, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග වලට මුහුණ දීමට බැරි බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.