පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර පාසල්වල ගුණාත්මකභාවය නියාමනයට ක්‍රමවේදයක්

    නොවැම්බර් 21, 2022

    දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල්වල ගුණාත්මකභාවය නියාමනය කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසම විසින් යෝජනාකර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ
    කටයුතු මේ වන විට සිදුවන බවත්, අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට සමාගම් පනත යටතේ ජාත්‍යන්තර පාසල් 300ක් පමණ ලියාපදිංචි කර ඇති බවත්, එම ජාත්‍යන්තර පාසල්වල වැඩි වශයෙන් අධ්‍යාපනය හදාරන්නේ නේවාසික විදේශ සිසුන්ට වඩා මෙරට දේශීය සිසුන් බවත්, ඒවා නියාමනය කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වෙනම ඒකකයක් පිහිටවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya