පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැත්නම් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකියි- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    නොවැම්බර් 21, 2022

    ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැත්නම් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය නිවැරදි දිශානතියට රට ගෙන යන අයවැයක් බවත් ඉදිරියේදි කාලය විසින්ද එය ඔප්පු කරනු ඇති බවත් අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

    මෙය ජනප්‍රිය අයවැය ලේඛනයක් නොවේ, ජනතාවට විකුණන්න පුළුවන් අයවැය ලේඛනයක් නොවේ. ජනතාවට මේ සම්බන්ධයෙන් කරුණු වටහා දිය යතු යැයිද අමාත්‍යවරයා කීය.

    අර්බුදයේ දුෂ්කරතාව බොහෝ දෙනා අවබෝධ කරගෙන නැහැ. ආර්ථිකය ශක්තිමත් කර නව පදනමක් නිර්මාණය කිරීමයි අප කරන්නෙ.
    අද විපක්ෂය කරන්නේ රට ආර්ථික ප්‍රපාතයකට වැටී තියෙද්දී මැතිවරණ ඉල්ලා වීණා වැයිමයි. දේශපාලනික කෝණයෙන් ඍණාත්මක කරුණු පමණක් උලුප්පා දැක්වීම සාධාරණ නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය ලේඛණය මගින් රට සංවර්ධනය කළ හැකි බව හෙතෙම පෙන්වාදුන්නේය. කොරෝනා ව්‍යසනය මෙන්ම පසුගිය කාලයේ ආර්ථික කළමණාකරණයේ දී සෑම රජයක්ම ගත් අදූරදර්ශි ක්‍රියාමාර්ග ආර්ථික අර්බුදය නිර්මාණය වීමට බලපෑ බව ද හෙතෙම කීය. මෙවර අයවැයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරන බව ඔහු කියාසිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya