කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සියලු වාර්තා මෘදු පිටපත් (Soft Copy) වශයෙන් ඉදිරිපත් කිරීමට 2022.06.02 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කෙරිණි.
ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාල සීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට 2022.09.29 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද කථානායකවරයා දැනුම් දුන්නේය. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කථානායකවරයා පැවසීය.