ඔහු මේ බව කියා සිටියේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ලෝක මාර්ග අනතුරුවලට ලක්වූවන් අනුස්මරණය කිරීමේ දිනය වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
මෙම සංඛ්‍යාලේඛණ අනූව වැඩි වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදි වලින් ගමන් කරන වයස අවුරුදු 18ත් 28ත් අතර රටට වැඩදායී තරුණ ජීවිත බවද වැඩිදුරටත් පැවසුවේය. ලෝකයේ සෑම තත්ත්පර 20කට වරක්ම එක් පුද්ගලයෙකු මියයන බවද, එනම් දිනකට ලෝකයේ රිය අනතුරු හේතුවෙන් 3750ක් මියයන බවද මෙය වසරකට මිලියන 1.2ක් 1.3ක් අතර අගයක් බවද සදහන් කළේය.
ලංකාවේ විවිධ අනතුරු වලින් 12,000ක් පමණ මියයන අතර 12,000න් හතරෙන් එකක් පමණ මාර්ගය භාවිතා කිරීමේදී රියදුරන්, පදිකයින්, පැදිකරුවන් ආදීන්ගේ නොසැලකිලිමත්කම , අපරීක්ෂාකාරීකම සහ මාර්ග නීති වලට අවනත නොවීම නිසා මියයන බවද කියා සිටියේය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පොලිස් මූලස්ථානය දිනපතා පරීක්ෂණ සිදුකරන බවද සදහන් කළේය. ශ්‍රී ලංකා පොලීසියේ කොට්ඨාශ 45ක පොගිස්ථාන 605ක් පිහිටුවා ඇතැයිද ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන ක්ෂේත්‍රෙය් නිලධාරීන් 10,000ක පමණ ප්‍රමාණයක් දිවා රාත්‍රී සේවයේ යෙදී සිටින බවද කියා සිටියේය.
ලෝකයේ වගේම ලගංකාවේත් ප්‍රමුඛතම සෞඛ්‍ය ගැටලුව වන්නේ අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ අංශයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සදහන් කළේය.
දැනට ලැබී ඇති ඇස්තමේන්තු වලට අනූව දළ වශයෙන් වසරකට මිලියන 4.5ක් පමණ අනතුරු නිසා මියයන බවද, ලංකාවේ දළ වශයෙන් අනතුරු නිසා 10,000ත් - 12,000ත් අතර ප්‍රමාණයක් මියයන බවද කියාසිටි වෛද්‍ය සමිත සිරිතුංග මහතා මියයන අයගෙන් වැඩිම ප්‍රමාණයක් ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ බවද අවධාරණය කළේය.
ලංකාවේ වසරකට දළ වශයෙන් මිලියන 1.2 – 1.3ක ප්‍රමාණයක් සෑම වසරකම නේවාසික ප්‍රතිකාර සදහා රජයේ රෝහල් වලට අනතුරු හේතුවෙනු ඇතුලත් වන බවද කියා සිටියේය. ඇස්තමේන්තු අනූව සෑම වසරකම මිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් රජයේ රෝහල් වලින් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලැබීමට සහ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබන්නන් සහ වෙනත් වෙනත් වෛද්‍ය ක්‍රම වලට යොමු වූවන් මෙන්ම නිවෙස්ගතව තම අසනීපයට ප්‍රතිකාර ලබාගන්නන් වශයෙන් හමුවන බවද පැවසුවේය.
වසරකට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සෑම පස්දෙනෙකුගෙන් එක්කෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සිදුකරගන්නා බවද වැඩිදුරටත් පැවසුවේය.