ඕමාන් රාජ්‍ය සම්බන්ධයෙන් මාධ්‍ය වල විවිධ දේවල් පල වෙනවා. ඕමානය කියන්නේ නීතියානුකූල ක්‍රමවේද යටතේ ශ්‍රී ලංකාවට රැකියා 19000ක් දීලා තියෙන රටක්. මේ ආන්දෝලනාත්මක සිදුවීමේදී අතවරයට පත්වූ ශ්‍රී ලාංකික කාන්තවන් ගැන වගේම 2022 වසරේ සහ ඊට පෙර ඔවුන් අපේ ජනතාවට ලබා දුන් රැකියා අවස්ථා පිළිබඳවත් කතා කල යුතුයි.
මෙම අතරවරයන්ට මුහුණ දුන් අපේ සහෝදර කාන්තාවන් එම රටට ගිහින් තියෙන්නේ පිළිගත් නීතියානුකූල ක්‍රම වේදයට රැකියාවක් සඳහා යන විදියට නොවෙයි. ජාවාරම් කරුවන්ගේ ඉගැන්වීම් බහට ඔවුන් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපල කාර්යාලයට වැරදි තොරතුරු දීල ගිහින් තියෙන්නේ. සංචාරක වීසා මාර්ගයෙන් කෙනෙක් විදේශ ගත වෙන කොට අපිට ඒකට බාධා කරන්න අයිතියක් නැහැ. එක්සත් ආරාබි එමිර් රාජ්‍යයට ගොස් ගොඩබිමන් ඕමානයට ගිහින් තියෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. අපි සුරක්ෂා නිවාස පවත්වාගෙන යන්නේ නීතියානූකූලව විදෙස් ගතවෙලා විවිධ ගැටළු වලට මුහුණ දුන් අයට අවශ්‍ය ආරක්ෂාව සපයන්න. නමුත් මේ 77 දෙනකුටත් අපි ආරක්ෂාව සපයලා තියෙන්නේ ඔවුන් ශ්‍රී ලාංකික කාන්තාවන් ලෙස සලකලා. සංචාරක වීසාමත ගිය තැනැත්තියකට ගැටළුවක් ඇති වුනාහම මෙරටට ගෙන්වීමේදී ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. නීතී විරෝධී කටයුත්තක් නිසා විශාල දඩයක් ගෙවන්න සිද්දවෙනවා. ශ්‍රී ලංකා පොලිසියත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් දීප ව්‍යාප්ත වැටලීම් රාශියක කරගෙන යනවා. අහිංසක කාන්තාවන් වෙත බලාපොරොත්තු දීලා, පොරොන්දුවෙලා රවටන මෙවැනි ජාවාරම් කරුවන් මර්ධනය සඳහා විදේශ සේවා කටයුතු ඇමතිවරුන්ගේ
සහභාගීත්වයෙන් පැවති ඒකාබද්ධ රැස්වීමකදී තීන්දු රාශියක් ගත් බවද සාමානාධිකාරීවරයා අවධාරණය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු ) චන්දන වීරසේන
මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලසිටම අපේ තානාපති කාර්යාලය ඕමාන රජය සමග සම්බන්ධවෙලා සහයෝගයෙන් කටයුතු කලා. මෙතැන ප්රශ්නය තියෙන්නේ අවිධිමිත් ලෙස විදේශ ගත වීමයි. සංචාරක වීසා වලින් ගිහින් සාමාන්‍යෙයන් රැකියාවක් කරන්න බැහැ. සමහරු සංචාරක වීසා වලින් ගිහින් රැකියා කරන අවස්ථා තියෙන්න පුලුවන්. සමහර කාන්තාවන් යන්නේ තමන්ට අත්වෙන්න ඉඩ තියෙන ඉරණම දැනගෙන නෙවෙයි. නීතියානූකූලව ගිහින් රැකියා කරන ශ්‍රී ලාංකිකයන් 19000ක් ඕමානයේ රැකියාල් කරන බව අමතක කරල ඕමානයට සහ එහි ජනතාවට පහර දෙන්න සමහර සමාජ මාධ්‍ය ජාලා කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අපේ තරුණ තරුණියන් රාශියක් විවිධ රැකියා සඳහා එම රටවල ආණ්ඩුවේ සහයෙන් ලබාදෙන රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා. සමාජ මාධ්‍ය ජාල ඇතුළු සමහර මාධ්‍ය මේ හැසිරෙන අන්තවාදී ආකාරය රටක් ලෙස අපිට හොඳ නැහැ. විපතට පත්වූවන්ගේ අයතීන් ආරක්ෂා කල යුතු බවත්, ජාවාරම් කරුවන්ට උපරිම දඩුවම් දිය යුතු බවත් අපි පිළිගන්නවා. ඒවගේම අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් වූ ඔවුන්ව නිරුපද්‍රිතව මෙරටට ගෙන්වා ගත යුතුයි. මෙම සිදුවීමේදී ප්‍රශ්න සහගත ලෙස හැසිරුණු තනාපති නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට අපි දැනටමත් පියවර අරන් තියෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරී කපිල කරුණාරත්න මහතා
බලපත්‍රලාභීන් නොවන ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අපි නිරන්තරයෙන් විමර්ශනය කරනවා. බලපත්‍ර නොමැති ඒජන්සි කරුවන් 4 ක් ඊයෙත් අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධියට සම්බන්ධ ජාවාරම් කරුවන් අපේ විමර්ශන නිලධාරීන්ට අනාවරණය වෙලා තියෙනවා. මේ වසරේ පුද්ගලයන් 69ක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. ස්ථාන 25ක් වැටලීම් කරල තියෙනවා. මෙම ජාවාරම් කරුවන් සහ තැරුව්කරුවන් අත්අඩංගුවට ගන්න අපි දිගටම මෙහෙයුම් දියත් කරල තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව විමර්ශනයක යෙදිල හිටිය. එය මෙම සිදුවීම අනාවරණය කරගන්න පහසු වුනා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අපිට පැමිණිල්ලක් ලැබුණා තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධයක් සම්බන්ධයෙන්. පොලිසීය තීරණය කලා මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට රැඳී සිටිමින් තව දුරටත් විමර්ශනය කිරීම කල නොහැකි බව. ඒ අනුව ඕමානයට යන්න පොලිසිය තීරණය කලා. අදාල නිවාස්නයේ කාන්තාවන් 45 දෙනෙක් සිටියා.
මෙම කාන්තාවන්ගේ ප්‍රකාශ දිහා බැලුවම පේනවා විවිධ ක්‍රමවලට තමයි මේ කාන්තාවන් ඕමානයට ගෙන්වල තියෙන්නේ. ඒ වගේම මේ කාන්තාවන් විදෙස් ගතවීමට මොහොතකට පෙර තමයි ඔවුන්ගේ අතට වීසා බලපත්‍ර දීල තියෙන්නේ. කාන්තාවන් බොහෝ දෙනෙක් මෙහි සැබෑ තත්වය දන්නේ නැහැ. මෙම සිදුවීමට සම්බන්ධ වූ කාන්තාවක් පසුගිය දින වල පොලීසිය මග හරමින් සිටියා. සී.අයි.ඩිය ඇය පසුපස හබා යමින් සිටියදී පසුව ඇයම ඇවිත් භාරවුනා.
ඇයගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යනවා. මෙම කාන්තාවන් 45 දෙනා නියෝජිත ආයතන කිහිපයක් මාර්ගයෙන් තමයි එරටට ගිහින් තියෙන්නේ. ඒ ඒ නියෝජිත ආයතන සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කෙරෙනවා. අනාවරණය වූ තොරතුරු ඔස්සේ මෙම ජාවාරම පිටුපස සිටින අය හුඟදෙනෙක් ආනවරණය වෙලයි තියෙන්නේ.