පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ගණිත විෂය සම්බන්ධ ගුරු ගැටලු විසඳීමේ වෙබ් පෝටලය -‛මෙටාහබ්’ එළි දකී

    නොවැම්බර් 22, 2022

    ගණිත විෂයට අදාළව ගුරු භවතුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශ සැලසෙන ක්‍රමවේදයක් ලෙස ප්‍රථම වෙබ් පෝටලය මෙටා හබ්' (MetalHub – Mathematics Education Teacher Awareness Hub) නමින් අධ්‍යාපන අමාත්‍යාංගය එළි දක්වා තිබේ.

    ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර මෙම වෙබ් පෝටලයෙහි සම නිර්මාතෲන් වන්නේ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය යි.

    මෙටා හබ් එළි දැක්වීමේ අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්ව විද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වී සිටියහ.

    http://www.meta-hub.org.lk වෙබ් ලිපිනය ඔස්සේ ගුරුවරුන්ට මෙම වෙබ් පෝටලයට පිවිස ලියාපදිංචි වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya