පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 144ක් දිවයිනෙන් පිටත් වෙයි

    නොවැම්බර් 22, 2022

    දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 144 දෙනෙකු (21) දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ ය.

    මොවුන් සියලුදෙනා නිෂ්පාදන අංශයේ රැකියාලාභීන් වෙයි.

     

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්‍යාවශ්‍යම සාධකයක් වන, රටේ ඩොලර් සංචිත ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ සුවිශේෂීම දායකත්වය දක්වන විගමනික ශ්‍රමික ප්‍රජාවගේ සිහින දේශයක්වූ දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා සතිපතා පිටත්වන ප්‍රමාණය වැඩි කරගැනීමට හැකි වීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත්වීම මත ලඛාගත හැකිවූ සුවිශේෂී ජයග්‍රහණයකි.

    දකුණු කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් බොහෝ පිරිසක් මෙම සතිය තුළ මෙන්ම ඉදිරි කාලයේදීත් දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya