පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ රාජ්‍ය සේවකයාටයි - මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා.

    නොවැම්බර් 22, 2022

    අයවැය යෝජනා සුන්දර ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවද එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ රාජ්‍ය සේවකයාට බව කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා කියා සිටියේය.

    ඔහු මේ බව සදහන් කළේ, (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අය වැය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය සේවකයා එය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් රජය ඒ පිළිබදව අධීක්ෂණය කළ යුතු බවද රටකට වැදගත් වනුයේ අයවැයේ ඉදිරිපත් කරන යෝජනා සියල්ල ක්‍රියාත්මක කර රට ස්ථාවර ආර්ථිකයකට ගොඩනගා ගැනීමේ හැකියාව බව මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙතෙක් ඉදිරිපත් වූ අයවැය යෝජනාද යහපත් යෝජනා වුවද ඒවා ටික කලක් යන විට මහජනතාවට සහ රාජ්‍ය සේවකයාට ඒවා අමතකව යන බව කියාසිටි මහාචාර්යවරයා තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමක් රාජ්‍ය සේවකයාට පවතින බවද අවධාරණය කළේය.

    දේශපාලනඥයා යනු අවුරුදු 05කට බලයට පැමිණෙන කෙනෙකු බවද, දේශපාලනඥයා මෙම රට දියුණු කළත් නැතත් ඊළග වසර පහෙහි බලයට පැමිණීම සම්බන්ධයෙන් ක්‍රියා කරන බවද සදහන් කළ මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා මහතා රාජ්‍ය සේවකයා වසර 30 – 40ක් මෙම රජයේ වැඩ කරගෙන යන විට සහ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන බැවින් ඔහුට මහජනතාවට සේවය කිරීමේ වගකීමක් ඇතැයිද සදහන් කළේය.

    මෙවන් රට වැටී ඇති අවස්ථාවක මෙම අයවැය යෝජනා හෝ ක්‍රියාත්මක නොකළහොත් රට විශාල වශයෙන් ප්‍රපාතයකට වැටෙනු ඇතැයිද එහි ප්‍රධාන වගකීම රාජ්‍ය සේවකයාට පවතින බවද පැවසුවේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya