රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (21) “ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඕමාන් රටේ දී අපහසුතාවය පත් කිරීම් සිද්ධි සම්බන්ධයෙන්” පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ සංචාරක වීසා මත රැකියාවලට පිටවන පිරිස් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලෙසය.
නිසි කාලය අවසන් වූ සංචාරක වීසා හිමි අය සම්බන්ධයෙන් තවත් සහන කාලයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව නිසි කාලය තුළ නොපැමිණෙන අය සම්බන්ධයෙන් නීති ප්‍රකාරක කටයුතු ආරම්භ කරන බවත්, ඒ මහතා පැවසීය.