අද (22) මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් සභාපතිවරයා මේ බව පැවසීය.
ප්‍රථම වතාවට මුදල් කාරක සභාවට තාක්ෂණික කාර්ය මණ්ඩලයක් පත් කර ඇති බවත්, ප්‍රථම වතාවට මුදල් කාර්ක සභා වාර්තාව, භාහිර පාර්ශවයකට නොදි එම කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන බවද කීය. ඉදිරියේදී අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද හර්ෂද සිල්වා මහතා කීය.
''ජූනි මසයේ 31 වෙනිදා වෙනකල් විදේශ ණය ගෙවීම නවත්වලා තිබෙනවා. ජූලි මාසයේ ඉඳන් දෙසැම්බර් වෙනකල් එම ණය වලින් 50%ක් ගෙවනවා. අපිට තිබෙන ලොකුම වියදම තමා පොළිය, දේශීය පොළිය''යැයි ද මන්ත්‍රීවරයා පැවසීය