රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මැතිවරණය කල් දැමීමට රජයේ යම් අවශ්‍යතාවයක් ඇත්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදයේ සහ මැතිවරණ ක්‍රමයේ යන දෙකෙහිම අඩුපාඩු තිබෙන බව පත්කර තිබෙන සීමා නීර්ණය කොමිසම විසින් පෙන්වා දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පළාත් පාලන මැතිවරණය පවත්වන විටදී එය හොඳින්ම පෙනෙන්නට තිබෙන බවත්, පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු 7800ක් පමණ සිටින බවත්, මීට පෙර එය 4000 පමණක් වූ බවත්, එය 100%කින් වැඩිවී තිබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කමිටු කිහිපයක් පත් කළ බවත්, සියලු සීමා නීර්ණය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කාලයක් නොමැති බැවින් සාමානුපාතික ක්‍රමය වෙනුවට ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන පත්කිරීම කළ යුතු බව තම යෝජනාව වූ බවත්, අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුනි.
එවිට 5000් නොඉක්මවන බවත්, බහු ආසන කොට්ඨාස සමඟ ගත් විට දැනට තිබෙන ප්‍රමාණයට වඩා 3600ක් පමණ පිරිස අඩුවන බවත්, එයද සැළකිල්ලට ගත හැකි බවත්, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පත් කිරීමට යෝජිත තේරීම් කමිටුවේ දී සාකච්ඡා කළ හැකි බවත්, එය සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත බවත්, එහිදී වඩාත් හොඳ කුමක්ද යන්න තීරණය කළ හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.