අයවැය දෙවැනිවර කියවීම සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) සිදු විය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලා සිටියේ ය
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි.
හෙට සිට (23) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය් ආරම්භ වෙයි. විවාදය පැවැත්වෙන දින ගණන 13කි.ඒඅනුව කාරකසභා අවස්ථාවේ විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා පැවැත්වෙයි.