පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    යල්පැනගිය නීති 50කට වඩා ප්‍රමාණයක් අදට ගැළපෙන ලෙස සංශෝධනයට

    නොවැම්බර් 23, 2022

    මේ වන විට යල්පැනගිය නීති 50කට වඩා ප්‍රමාණයක් සංශෝධනය කර අදට ගැළපෙන ආකාරයට සකස් කරමින් සිටින බවත්, පසුගිය සතිය ඇතුලත පාර්ලිමේන්තුව තුළ නව අනපණත් 17ක් පමණ සම්මත කරගත් බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට පොදු නීතිය සහ අපරාධ නීතිය අදට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ නිල වෙබ් අඩවිය විසින් අසන ලද පැණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.


    ලක්ෂ 15ට වඩා අඩු මුදල් වටිනාකම් සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් වෙනම අධිකරණයක් ලෙස ආරම්භ කිරීමට පනතක් සම්මත කළ බවත්, මාස හයක් අටක් වැනි කෙටි කාලයක් තුළ නඩු විභාග අවසන් කිරීම එමගින් සිදු කළ හැකි බවත්, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. එපමණක් නොව රජයේ දූෂණ වංචාවලට අමතරව පෞද්ගලිකව සිදුකරන වංචා දූෂණ නැවැත්වීම සඳහාත් අලුත් නීති සකස් කළ යුතු බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    සමහර නීති අවුරුදු 150කට වඩා පැරණි නීති බවත්, සමහර ලේඛණ සැකසීමේ නීතිවල තිබෙන පැරණි බව නිසාම කූඨ ලේඛණ සැකසීමට අවස්ථාවක් ඇති වී තිබෙන බවත්, ඒ හේතුවෙන් විශාල නඩු ප්‍රමාණයක් ඇතිවී නඩු ගොඩගැසී ඇති බවත්, විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අපරාධ අධිකරණවලත් සිවිල් අධිකරණවලත් කූඨ ලේඛණ සම්බන්ධයෙන් නඩු ගොඩගැසී ඇති බවත්, එම නිසා ලේඛන සැකසීමේ පැරණි නීති 05ක් අදට ගැලපෙන පරිදි සංශෝධනය කළ බවත්, අමාත්‍යවරයා පැවසීය. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya