පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කෙරේ.

    නොවැම්බර් 23, 2022

    ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ කැස්බෑව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් දෙකක් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20දා මාම්පෙ සණස ශාලාවේදී සහ හොන්නන්තර උතුර, ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාම්පෙ නැගෙනහිර හා මාම්පෙ උතුර ග්‍රාමසේවා වසම් ඒකාබද්ධව මාම්පෙ සණස ශාලාවේදී සංවිධානය කර තිබූ වැඩසටහනට ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    “ගමක සියළු පවුල් , පවුල් මට්ටමින් ශක්තිමත් විය යුතුය” යන සංකල්පය යටතේ සෑම පවුලක්ම මුහුණ දෙන ගැටළු සොයා බලා විසඳුම් දීම සඳහා සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බවත් ඒ යටතේ, ආහාර නොමැති කමින් අපහසුතාවයට පත්ව ඇති ජනතාවට ඇති හැකි අයගේ දායකත්වය ලබාදෙමින් අතීතයේ පැවති සහයෝගීතාව යළි අප අතර ගොඩනඟා ගැනීමේ වැදගත්කමත් සුරේන් බටගොඩ මහතා එහිදී පෙන්වා දුන්නේය.


    ආහාර අවශ්‍යතාවය පවතින ප්‍රජාව වෙත උපකාරක සේවාවක් වශයෙන් ස්ථාපිත කරනු ලබන මෙම ආහාර බැංකුව/ ආහාර හුවමාරු වැඩසටහන් වෙනුවෙන් දේශීය හා විදේශීය පුන්‍ය ආයතන රාජ්‍ය පෞද්ගලික අංශය දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින් සහ දානපතියන් විසින් කරනු ලබන පරිත්‍යාග ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා උපකාර කර ගත හැකි බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසීය.


    එමෙන්ම රජයේ කාර්යභාරය පුරවැසියාට පොදු පහසුකම් සැපයීම හා ඒවා නඩත්තු කර පවත්වා ගෙන යාම බවත් පුරවැසියාගේ යුතුකම එම පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් යමක් නිෂ්පාදනය කර සමාජයට සැපයීම බවත් ඒ මහතා පැවසීය. එකිනෙකාට දොස් නගමින් නොසිට ඕනෑම දේශගුණික තත්වයක් යටතේ වගා කළ හැකි අපේ රටේ ආහාර නිෂ්පාදනය දිරිමත් කරන්නේ නම් ආහාර අර්බුදයක් ඇති නොවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.


    මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් 100ක් සඳහා වියළි ආහාර මළු බෙදා දීම ද සිදු කෙරිණි.


    විශ්වකලාව බෞද්ධ මධ්‍යස්ථානයේ පුජ්‍ය පුලිකණ්ඩිකුලමේ රතනසිරි ස්වාමීන් වහන්සේ, ආහාර සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා ශ්‍රියානන්ද, කැස්බෑව ප්‍රදේශීය ලේකම් කේ.පී. පේමදාස, කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා වික්‍රමරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ඒ.ජී. පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    මේ අතර ආහාර සුරක්ෂිතතා වැඩසටහන පිළිබඳ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හොන්නන්තර උතුර, ග්‍රාමසේවා වසමේ අඩු ආදායම්ලාභී පවුල් හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හොන්නන්තර උතුර, ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේදී සිදු විය.
    හොන්නන්තර ශ්‍රී විජයනන්දනාරාමයේ ආරම්භ කර ඇති ආහාර හුවමාරු වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රයාත්මක කෙරෙන අතර විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්‍ය හල්විටිගල යසස්සි ස්වාමීන් වහන්සේ ද මෙහිදී අනුශාසනාවක් සිදු කළහ.
    මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල් 20කට වියළි ආහාර මලු බෙදාදීම ද සිදු විය.
    කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව නාගරික මන්ත්‍රී ප්‍රසාද් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya