කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙයි. ඒ අනුව කාරකසභා අවස්ථාවේ විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා පැවැත්වෙයි.
කාරක සභා අවස්ථාවේ විවාදය පළමු දිනයේ දී අතිගරු ජනාධිපතිතුමා,අග්‍රාමාත්‍ය කාර්යාලය,උපරිමාධිකරණ විනිශ්චකාරවරු,අග්‍රාමාත්‍ය කාර්යාලය,රාජ්‍ය සේවා කොමිෂන් සභාව,අධිකරණ සේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිෂම,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,මුදල් කොමිෂන් සභා කාර්යාලය,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය,මැතිවරණ කොමිෂන් සභාව,ජාතික විගණන කාර්යාලය,පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, සහ සීමා නීර්ණය කොමිෂන් සභාව යන ආයතනවල වැය ශීර්ෂ ව්වාදයට ගැනේ.
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (22) සිදු විය . අයවැය දෙවැනිවර කියවීම ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි.