පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු සිය අඳහස් දක්වන අතරතුර මෙම සිදුවීම ඇතිව තිබේ. සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් මන්ත්‍රීවරයා විසින් අසුනෙන් නැගිට පහරදීමට ගිය බවත් වහාම මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ විනය කමිටුවට යොමු කරන ලෙස කතානායකවරයාට දැන්වීය.
එහිදී නැඟි සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ,ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරයා වහාම පිට කරන ලෙසයි. සභානායකවරයා සඳහන් කළේ,මේ සභාව තිබෙන්නේ, මෙවැනි හැසිරීම් සඳහා නොවන බවයි.
එහිදී කතානයකවරයා නියෝග කළේ, මන්ත්‍රී චමින්ද විජේසේකර මහතාට සභාවෙන් එලියට යන ලෙසයි. ''පාර්ලිමේන්තුව තිබෙන්නේ කතාකරන්න මිසක්,ගහගන්න නොවන'' බව ද මේ සම්බන්ධව වහාම විනය පියවර ගන්නා ලෙස ද සභානායකවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.