පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වඩාත් ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණ ක්‍රමයක් සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට රජය කටයුතු කරනවා

    නොවැම්බර් 23, 2022

    වඩාත් ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එම වෙනස්කම් මැතිවරණයකට ඵළදායී ආකාරයකට මිස වෙනත් ආකාරයකට බලනොපාන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු බාධාවක් ඇති කර නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ,

    අපි කවුරුත් කැප වී සිටිනවා, මන්ත්‍රී ආසන ගණන අඩු කරන්න. ඒ් ගැන සැකයක් තියා ගන්න එපා. මැතිවරණ කොමිසමට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු බාධාවක් ඇති කර නැතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්, සීමා නිර්ණ කමිටුවක් පිහිටවූ බවත් එහෙත් ඇතැම් පුද්ගලයන් කොමිසමක් පත් කිරීමට අයිතියක් නැති බවද කොමිසම සහ කමිටුව අතර විශාල වෙනස්කමක් ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    අපි නිකුත් කරන ගැසට් නිවේදන අධ්‍යන කර එහි පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීම සහ වියදම් අඩු කිරීම ආදී වූ රජයේ තීරණ සම්බන්ධයෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම පාර්ලිමේන්තුව ජනවරමක් තුළින් පිහිට වූ පාර්ලිමේන්තුවක් බවත් ඒ් අනුව කටයුතු කරන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති වරයා තෝරණ අවස්ථාවේ සියළු දෙනා ඊට සහාය දුන්නා. කවුරුත් එය වර්ජනය කළේ නැහැ. ඊයේ දිනයේදී ඡන්ද 121ක් ලබා ගනිමින් අයවැය දෙවන වර කියවීම ජය ගෙන තිබෙනවා, ඒ අනුව විරුද්ධ පක්ෂය බලාපොරොත්තු නොවූ ලෙස අයවැය ඉදිරිපත් කිරීමේ කතාව අනුමත කර තිබෙනවා. යළිත් වරක් ඉස්සරහට පස්සට ගමන් කරන මෙම ක්‍රියාවලිය නවතා ජනාධිපතිවරයා දී තිබෙන ප්‍රතිඥාවක් අනුව කටයුතු කරමු ''යැයි ද ප්‍රකාශ කළේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya