සීනිබෝල තැවරු, ලොසින්ජර් , ටොෆි බෙදන අයවැයක් වෙනුවට යථාර්තවාදී අයවැයක් ඉදිරිපත් කර ඇති බවද අලි සබ්රි අමාත්‍යවරයා පැවසීය .අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පවතින ආර්ථික තත්ත්වය යම් තරමකට හෝ කළමණාකරනය කිරීම උදෙසා විවිධ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදුවන බවත් මුදල් ඇති අයගෙන් යම් බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙහි වරදක් තිබේදැයි ඇමතිවරයා ප්‍රශ්න කර සිටියේය.
බදු ෆයිල් පන්ලක්ෂ හත්දහසක් තිබුණද ඒ අතුරින් බදු ගෙවන්නේ 30000 ක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.
සෘජු බදු අය නොකරන ලෙසට විපක්ෂය දිගින් දිගටම සඳහන් කළද එලෙස සිදු නොකර වක්‍ර බදු වැඩිකිරීම සිදුකළහොත් සාමාන්‍ය ජනතාව තව දුරටත් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
හැකි පමණින් බදු ගෙවා මෙරට ආර්ථිකය ශක්තිමක් කිරීමට යම් තරමකට හෝ දායක වීම සියලු දෙනාගේ වගකීමක් වන අතර අදවනවිට රට පත්ව ඇති තත්ත්වයට සියලු දෙනා වගකිව යුතු බවද ඇමතිවරයා කීය.
එකිනෙකාට චෝදනා කරන කිසිවකු ආර්ථිකය ගොඩගැනිම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන බවද හෙතෙම පැවසීය.