මෙරට ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබා දෙන මැණික් ක්ෂේත්‍රයයෙන් පසුගිය 2021 වසරේ ඩොලර් මිලියන 276ක ආදායමක් උපයා ඇති බවත් මේ වන විට මැණික් කර්මාන්තය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කර්මානත් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැණික් කැපීම, මැණික් ඔප දැමීම පිළිබඳව නව පරපුර පුහුණු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. කඩුවෙල සහ රත්නපුර ප්‍ර දේශයන්හි දැනට මැණික් පාඨමාලා සිදු කරන බවත්, එහෙත් ලබන වසරේ නිවිතිගල සහ මාතලේ ලග්ගල, මොණරාගල යන දිස්ත්‍රික්කවල නව පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත මෙම පුහුණු ආයතන සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වෙන් කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මැණික් ආනයනය සඳහා සීමා පනවා නැති බව පෙන්වා දුන් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා දැනට අපනයනකරුවන්ගෙන් අය කරන්නේ ශත 25ක මුදලක් පමණක් බවද හෙතෙම පැවසීය.
ඒක්ස්පෝටර්ස්ලගෙන් අපි ගන්නේ සත 25යි. මේ වසරේ ඩොලර් මිලියන 170ක ආදායමක් මැණික් අපනයනයෙන් ලැබී තිබෙනවා. නමුත් ඩොලර් බිලියනයක විතර ගල් මේ රටින් ඒළියට ගිහින් තිබෙනවා.නමුත් මෙම මුදල් නැවත ලංකාවට එන්නේ නැහැ.
මෙම මුදල් නැවත මෙරටට ගෙන ඒ්ම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා , ස්වර්ණාභාරණ අධිකාරියේ සභාපතිවරයා සහ රේගුව සමග පැවැත්වෙන සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිතව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.