එවැනි ඩීම් ඩියම්ලාට ඉඩක් නොතබන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද එම විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.
මෙතන තිබෙන්නේ වෙනසක් ඇති කරන්න. මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යන් නැහැ. අද තියෙන්නේ පරණ මුහුණුමයි. තරුණයන් බලන්නේ මේකේ වෙනසක් ඇති කරන්න. ඒ්ක කළාට පස්සේ යමු.
මේ අය එක්ක මිනිස්සු නෑ. මාධ්‍යයෙන් හැදුවට...ගිනි තියන්න කිව්වේ කවුද කියලා. කොමිෂන් සභාවක් පත් කරනවා,පරීක්ෂණයෙන් පස්සේ මොකද වුණේ කියලා සොයන්න. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් මෙවැනි කොමිෂන් සභාවක් පත්කළා, මමත් ගහින් සාක්ෂි දුන්නා.
22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනා බවත්, ඉදිරියේ දී අයවැය කාර්යාලය විවෘත කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය. මැතිවරණ වියදම් සීමා කරන කෙටුම්පත ද ඉදිරියේ දී ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය. එළඹෙන දෙසැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකුගේ නම් යෝජනා කරන්නැයිද ජනාධිපතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පැවසීය.
මම බලය බෙදීමට කැමතියි. බලය බෙදීමට එකඟයි.මට පුළුවන් මේ ඔක්කොම එක්ක වැඩ කරන්න, එළඹෙන දෙසැම්බර් 31 වනදාට කළින් මෙම ගැටළුව විසඳගත හැකියි. සියළු දෙනා එක්ව එළඹෙන 8 වෙනිදා අවසන් විවාදයට පසුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයිද කිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම්, ඒ් සුමන්තිරන් මහතා ජනවාර්ගික ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ ජනාධිපිතිවරයා මෙම ගැටළු උතුරට පමණක් සීමා වූ ගැටළු නොවන බව සඳහන් කළේය.