2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද දින එම විවාදයට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
ඊට අමතරව දූෂණ විරෝධී පනතද හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දේශීය ණය නොගෙවා සිටීම ගැන කිසිම අවස්ථාවක රජය කතා වෙලා නැහැ. කරුණු සොයන්නේ නැති ව හෝ සත්‍ය වටහා නොගෙන ප්‍රකාශ සිදු කිරිමෙන් වළකින්නැයිද ඒ මහතා ඉල්ලා සිටියේය. ආර්ථික අර්බුදය තුළ සැක සහිත කරුණු මතු වුවහොත් තවදුරටත් මෙම ආර්ථිකය පහළ වැටෙන්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නෙය.
අද ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරනවා. මෙම ඇද වැටී ඇති තත්වයෙන් ගොඩ ඒ්මට සහ නැවත මෙවන් අර්බුදයක් ඇති නොවීමට මෙවැනි
ප්‍රතිසංස්කරණ ඇති කරනවා.
අතැම් පිරිස් මෙම අයවැය සම්බන්ධයෙන් විරුද්ධව කතා කළත් මීට වඩා හොඳ යෝජනා ඉදිරිපත් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වි නැහැ. පවතින ආර්ථික අර්බූදය හමුවේ තව දුරටත් සැක මතුවෙන් කරුණු ඉදිරිපත් වුවහොත් ආර්ථිකය තවත් පහළ මට්ටමකට වැටෙන්නේ යැයිද ශෙහාන් සේමසිංහමහතා පෙන්වා දුන්නේය.
දිළිඳු සහ විවිධ ආර්ථික පීඩාවට පත් ජනතාවට මෙම අයවැයෙන් විශේෂ අවධානය යොමූ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පැවති රජයට වඩා වෙනස් ප්‍රතිසංස්කරණ කළා''යැයි පැවසීය