කොළඹ නගරයේ වැල්ලවත්ත, බම්බලපිටිය , කොල්ලුපිටිය ආදී නගර වල සිටින දමිළ වැසියන්ගේ නිවෙස් වලට ගොස් ලියාපදිංචි කිරීම් සහ පරීක්ෂා කිරීම් සිදු කිරීම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.
කොළඹ නගරයට පිට පළාත් වල සිට පැමිණි පුදගලයින්ගේ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සිදුවන ක්‍රියාවලියක් බවත් කොළඹ ප්‍රදේශයේ නිවෙස්වල පදිංචි පුද්ගලයන් පිළිබඳ විස්තර ලබා ගැනිම සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියක් බවත් දෙමළ නිවෙස් වල පමණක් නොව සිංහල , මුස්ලිම් සෑම නිවෙසකම තොරතුරු මෙසේ ලබා ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
යුද්ධයට පෙර සිට අපරාධ වැළැක්වීම සඳහා වන මෙම 76 පත්‍රිකාව පුරවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.