2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද එම විවාදයට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසිය.
පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර ඇතැයිද මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.
''අරගල වලින් ආණ්ඩු අත්පත් කරගන්න බැහැ . ප්‍රජාත්‍රන්තවාදී ලෙස මැතිවරණයක් පවත්වා ජනබලය වෙනස් කර ගැනීමට ඔීනෑම පුද්ගලයෙකුට අවස්ථාව ලබා දී තිබෙනවා. අද පාරට ගන්න බොහෝ උත්සාහ දරනවා. නමුත් මිනිසුන් ඒන් නැහැ. මේ වෙලාවේ අපි ඒකතු වෙන්න ඔින බලය ලබා ගැනීමට නොවේ. සාමූහිකව ඒකතු වෙලා මේ කණ්ඩායමට සහාය දෙමු.''
මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ රට වලක වැටුණු අවස්ථාවක් ඉන් ගොඩ ඒ්මටයි. මේ සම්බන්ධයෙන් හොඳ යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන්නැයිද අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
සිංහල දෙමළ මුස්ලිම් කියන සෑම ජන කොට්ඨාශයක්ම මේ මගේ රට කියල හිතන්න පටන් ගත්තම තමයි මේ රට දියුණු වෙන්නේ. අද ජනතාව ඒ් විදියට හිතන්න පටන් ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා කිය.