පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    උද්ධමනය ඉහළයාම සඳහා හේතු වුනු සාධක එකින් එක අඩුවෙමින් පවතිනවා

    නොවැම්බර් 25, 2022

    උද්ධමනය ඉහළයාම සඳහා හේතු වුනු සාධක එකින් එක අඩුවෙමින් පවතින බවත්, මුදල් ද්‍රවශීලතා හිඟය මේ වන විට යම්කිසි මට්ටමකට අඩුවී ඇති බවත්,ඒ අනුව ඉදිරියේදී තිබෙන අධි උද්ධමන  තත්ත්වය  අඩුවනු ඇති බවත්, මහ බැංකුව සඳහන් කරයි.

    ඊයේ (24) පැවති මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙම තොරතුරු අනාවරණය කෙරිනි.

    ඒ අනුව ඉදිරියේදී වෙළඳ පොලී අනුපාත අතර පවතින විෂමතා ඉදිරියේදී පාලනය වනු ඇති බවත්, මහ බැංකුව ගත් යම් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ගෙවුම් ශේෂ හිඟය අඩුවනු ඇති බවත්, මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවදුරටත් සඳහන්ය.


    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති බවත්, සංචාරක කර්මාන්තයේ ලැබීම් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව අපනයන ආදායම යම් තරමකට ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රකාශය තරවදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya