විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය අතුරු අයවැයේදී වයස අවුරුදු 60 සම්පූර්ණ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාමගැන්වීමට ගත් තීරණය කෙරිණි. මෙරට සෞඛ්‍ය සේවයට බලපෑම් ඇතිනොවීම උදෙසා එම තීරණය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේදී සංශෝධනයට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් මාස 06ක් පමණක් දිගුවක් ඇති කළේය. ඒ අනුව 2023 ජූනි 31 දක්වා එම දිගුව ලබා දී තිබේ.
වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අවුරුදු 60 කියන වයස අතුරු අයවැයේදී සම්මත වූ නිසා මෙය නීති ගත වී තිබෙන බවයි. මෙම නීතිය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බවත්, එය දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වන බවද කීය.
මෙම අවස්ථාවේ යම් කිසි වෙනසක් කළොත් ඇතැම් විට සියළු දෙනාටම අනිවාර්යයෙන්ම විශ්‍රාම යාමට සිදු වන බවත් ඒ අනුව ඉදිරියේදී ඇතිවන අධිකරණ ක්‍රියාවලියට පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.