2023 අයවැය , කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය වන අද , ජලසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ සමස්ථ ජනතාව අතර පානීය ජලය සමානව බෙදිය යුතු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ප්‍රජා නිලධාරින් බඳවා ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බවද කීය.
නාගරික ප්‍රදේශයන්හි 99.2% සහ වතු ජනතාවගෙන් 32%කට මේ වන විට පානීය ජල පහසුකම් ලබා දී තිබේ. වසර 2025 දී මේ රටේ සමස්ත ජනගහණයට පානීය ජලය ලබා දීම රජයේ ඉලක්කය බවද සනත් නිශාන්ත මහතා පෙන්වා දුන්නේය.