පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ගුරු මාරු ඇතුළු රාජ්‍ය සේවක ස්ථාන මාරු ගැන කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එය තේරුම්ගත යුතුයි. ගුරුවරු මාරු කරන්නේ නෑ යැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිළි කළේ ය.
විපක්ෂයෙන් මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසීය.
''කොවිඩ් නිසා දරුවො පාසල් ගියේ සියයට 50%යි. සාක්ෂරතාවය ගැන පරීක්ෂණයක් කළා. මේවා තමයි අපිට තිබෙන ප්‍රශ්න. ගුරුවරියෝ කවුරුත් කිව්වේ නෑ සාරි අදින්න බෑ කියලා. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. කොවිඩ් තත්ත්වය නිසා රට වැහුවා. පාසල් වැහුවා. පහසුව සඳහා චක්‍රලේඛයක් ගැහුවා. සියල්ලෙන් ම කියන්නේ ගුරු ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ගුරුවන්ටත් රජයේ සේවකයින්ටත් අමාරුයි.දීමනාවක් දෙන්න මුදල් වෙන් කරන්න බෑ. විකල්ප වැඩපිළිවෙලක් සම්බන්ධව ඉදිරියේ දී පැහැදිළි කරන්නම්'' යැයි ද අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
එහි දී ඇදුම් සඳහා දීමනාවක් ලබාදිය හැකිදැයි මන්ත්‍රීවරිය අමාත්‍යවරයාගෙන් විමසා සිටියාය.