දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ අදහස් දැක්වූ තානාපතිවරයා, ශ්‍රී ලංකා - ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.
අයෝජන ප්‍රවර්ධන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර දෙරටේ ව්‍යාපාරික දූත පිරිසට සංචාරය කිරීමට කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්විය.
ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගයකළ කථානායකවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය තානාපතිවරයා වෙත පළ කළේය.