අද (29) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් සිසිර ජයකොඩි අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඖෂධීය කංසා වංගාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියු ණු කිරිමසඳහාත් අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කීය.
ආයුර්වේද ක්ෂේත්‍රයේ ඇති යල් පැන ගිය නීති නිසා විශාල අපනයනය ආදායමක් රටට අහිමි කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ආයුර්වේද ක්ෂේත්‍රයේ පරිපාලනය ගැටළු විසඳීමටද ඉදිරියේදී කටයුතු කරන බව ද පැවසීය.
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරිමේ වැඩසටහන විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලිකත්වයෙන් ඉදිරි සතිය තුළ ආරම්භ කරන බවද සිසිර ජයකොඩි මහතා පැවසීය