පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වියත්පුර නිවාස සංකීර්ණයෙන් කිසිම මන්ත්‍රීවරයකුට සින්නක්කර ලෙස නිවාස ලබාදීමට කටයුතු කර නෑ

    නොවැම්බර් 29, 2022

    වියත්පුර නිවාස සංකීර්ණයෙන් කිසිම මන්ත්‍රීවරයකුට සින්නක්කර ලෙස නිවාස ලබාදීමට කටයුතු කර නැතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ ය.

    පසුගිය දා සිදු වූ ගිනිතැබීම් නිසා හානි වූ මන්ත්‍රී නිවාස වෙනුවෙන් වියත්පුර නිවාස සංකීර්ණයෙන් එම මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අද (29) පාර්ලිමේන්තුවේ දී මේ බව අවධාරණය කළේ ය.

    ''නිවාස සම්බන්ධව කාරණාව පිළිබඳ වැරදි තොරතුරක් සභාවේ තිබ්බා. වියත්පුර නිවාස ත්බෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. නිවාස ගිනි ගෙන වින්දිතයින් වූ මන්ත්‍රීවරු සඳහා මාසික කුලියකට අවුරුද්දකට එම නිවාස ලබාදී තිබෙන්නේ.කිසිම මන්ත්‍රීවරයකුට සින්නක්කර ලෙස නිවාස ලබාදීමට කටයුතු කර නෑ. මන්ත්‍රීවරු 76 දෙනාට අමතරව,කතානායකතුමාට ලිපියක් යොමු කර තිබෙනවා, මන්ත්‍රීවරු 106 දෙනෙකුට යොමු කළ නිවාස තිබෙනවා.76කට කුලී පදනමට දී තිබෙනවා. පුරප්පාඩු නිවාස තිබෙනවා.කැමති මන්ත්‍රිවරු ඉල්ලීමක් කරනවා නම් එයට අවස්ථාවක් ලබාදෙන්න පුළුවන්. මුදලට ගන්නවා නම් ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. නිවාස ගිනිගත් මන්ත්‍රීවරුන්ට වන්දි මුදල් ලබාදී තිබෙන ''බවට කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අද වන තුරු නිවාස ගිනිගත් මන්ත්‍රීවරු 76 දෙනාට සතපහක වන්දි මුදලක් ලබාදී නෑ.වැරදි තොරතුරු දේශපාලනයට කතා කරන්න පුළුවන්.මේවා රටට ගියාම මිනිස්සු තවත් අපට වෛර කරන්න පටන් ගන්නවා. කිසිම වන්දියක් රජයෙන් ගෙවලා නෑ.නිවාස ලබාදෙන්නත් කටයුතු කර නෑ. අවශ්‍ය නම් රජයේ තක්සේරු මුදලට නිවසක් මිල දී ගන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya