පසුගිය අයවැයේ දී මේ වැඩසටහනට වෙන් කළේ රුපියල් මිලියන 2000 ක මුදලක් වුවත් එය මිලියන 10000 කින් වැඩි කර මෙවර වෙන් කර ඇති බවත් මන්දපෝෂණ ගැටලුවට මෙමඟින් විසඳුම් ලබාදිය හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.
අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
සෞඛ්‍ය අංශය අතිශයන්ම වැදගත් විෂය පථයක්. නමුත් අද මේ සභාවේදී වැඩිපුරම කතා කළේ එක්තරා කාන්තාවක් ගැන. එය කනගාටුදායකයි. රාජිත මහතා ප්රබලව ඉදිරිපත් කළ එක් කරුණක් තමයි විශ්‍රාම ගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් උසාවි ගොස් තිබෙනවා.
ඒ නිසා ඒ ගැන කරුණු ඉදිරිපත් කළ නොහැකියි. සෞඛ්‍ය සඳහා විශාල මුදලක් ලැබුණත් ඒ මුදල් නිසි ලෙස භාවිතා කර නොමැති බවට චෝදනා කරනවා. කොවිඩ් වසංගතය ඇති වුණා. ලක්ෂ ගණනක් ජීවිත අහිමි වුණා. එවකට රට පාලනය කළ ගෝඨාභය මහතා දැඩි ලෙස මැදිහත්ව මේ වසංගතය පාලනය කිරීමට පියවර ගත්තා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ සියලුදෙනා ඒ හා සම්බන්ධව කටයුතු කළා. එවැනි පසුබිමකින් පසුව විශාල ආර්ථික අවපාතයකට අපිට මුහුණ දෙන්න වුණා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් යන ආයතන අප සමඟ සම්බන්ධ වුණා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ෆාමෂූටිකල් අයිටම්ස් ඇතුළු අයිටම් ගණනක් ඇණවුම් කළත් ලැබුණේ 63 යි. ඇණවුම් කළ ඒවායින් සියයට 5 ක්වත් ලැබී නැහැ.
දෙසැම්බර් මාසය වන විට දැනට ඇණවුම් කර ඇති දේ ලැබෙයි කියලා හිතනවා. රුපියල් බිලියන 432 ක් මෙවර අයවැයෙන් ලබාදී තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වී තිබෙනවා. 150,000 ක පමණ සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාවක් සිටිනවා. වැරදි දත්ත සමාජගත කරන්නේ නැහැ.
ලබන මස මැද වන විට ඖෂධ හිඟයට සහනයක් ලැබේවි. පුළුන් කෑල්ලක්වත් නැහැ කියලා සභාවේ කීවා. ගෝස් මීටර් මිලියන 6 ක් තිබෙනවා. වසරකට පමණ ඒවා ඇති. සමස්තයක් විදියට ගත් විට මේක පාලනය කර ගත නොහැකි මට්ටමක නැහැ. දත්ත සම්බන්ධයෙන් විග්‍රහයක් කළා
.ළමා මරණ 2021 දී අඩු වී තිබෙනවා. 2021 වන විට 71.2 විදියට ආයු අපේක්ෂාව තිබෙනවා.මිලියන 12000 ක් ත්‍රිපෝෂ වැඩසටහනට වෙන් කර තිබෙනවා. තිබුණේ මිලියන 2000 යි.සෞඛ්‍ය අංශයට දේශපාලනය සම්බන්ධ කර නොගත යුතුයි.
දේශපාලනය සම්බන්ධ කර ගන්නා අය මාධ්‍ය සංදර්ශන පවත්වනවා. සංවාදශීලි සාකච්ඡාවක් මේ සභාවෙන් මම අපේක්ෂා කළා. නමුත් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. රෝගියකු යනු කොළ, නිල්, රතු නොව. පොදු පුරවැසියා ගැන සෞඛ්‍යයේදී සිතනවා යැයි පැවසීය