පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දෙකෝටියක් කලා කරුවන්, දෙකෝටියක් උරුමක්කරුවන්, බිහිකරන රටක් වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලක්

    නොවැම්බර් 29, 2022

    දෙකෝටියක් කලා කරුවන්, දෙකෝටියක් උරුමක් කරුවන්, බිහිකරන රටක් විය යුතු යැයි යෝජනා කරන බවත් ඒ සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    ''අයවැයෙන් වෙන් කළ මුදල ගැන අප දුක් වෙන්නේ නෑ. කරන්න හැකි උපරිම කාර්යභාරය ඊට වැඩී. අලුත් වැඩපිළිවෙලකට සියලු දෙනා එකතු වෙමු.දේශපාලනයෙන් තොරව කටයුතු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ගැන කතා කළා. කවුද වැරදි කියා නොවේ සේවිය යුත්තේ. ක්‍රමවෙදයේ වරදයි සෙවිය යුත්තේ.ක්‍රමවේදය වැරදී එතනයි ගැටළුව. අරමුණකට යනවා නම් එහි බාධා ඉවත් කළ යුතුයි. ඒ දෙස දේශපාලන කෝණයෙන් බලනවා නම්, කිසි දිනක එහි ගමනාන්තය දක්වා යා නොහැකියි. වරදක් වී තිබෙනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යා යුතුයි. විමර්ශන කටයුතු කෙරෙනවා. ඒ නිසා කතා කරන්න සූදානම් නෑ. ක්‍රමවේදනයේ බරපතල අඩුපාඩු හා අතපසුවීම් සිදු වී තිබෙනවා.''

    ''රටේ විවිධ කලාවන් තිබෙනවා. මුළු මහත් සංස්කෘතියම අයිති ,හෙළ වෙළඳකම,කෘෂිකර්මාන්තය, වාරි පද්ධතිය මේ සියල්ල අයිති මහා සංස්කෘතියටයි. පපුවේ තෙතමනයක් නැති මිනිස්සු හැදුවා. දරුවන්ට අපේ උරුමය ගැන කියා දෙන්නේ නෑ. දෙකෝටියක් කලා කරුවන්, දෙකෝටියක් උරුමක් කරුවන්, බිහිකරන රටක් විය යුතු යැයි යෝජනා කරනවා. ඒ සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා''

    ''ඒ සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රට දායාදාගාරයක්. අපි දමා ගත් දේශපාලන කණ්නාඩිවලින් බලාගෙන එකෙනෙකාට දොස් පවරමින්,එකිනෙකාට ඇඟිල්ල දිගු කළාට මේ රටේ ප්‍රශ්න විසඳුනේ නෑ. වසර 75ම ඕක කරලා තියෙන්නේ.දැන්වත් අපි වෙනස් වෙමු.අපේ රට ඉදිරියට යන්න නම්,කෘෂි කාර්මික,කාර්මික,පාරිසරික,චින්තන හා සංස්කෘතික විප්ලවයක් අවශ්‍යයි. එමඟින් පමණක් රට ඉදිරියට ගෙන යා හැක්කේ'' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya