පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්වලද ස්ථාපිත කිරීමට ජාතික සභා අනුකමිටුවේදී යෝජනා

    නොවැම්බර් 30, 2022

    ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රජයේ හා පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීම පිළිබඳව කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටි අතර සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සහ ඊට පවතින බාධා පිළිබඳ මූලික කරුණු
    කාරණා මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මේ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබද මූලික සාකච්ඡාවක්ද අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එදින පැවැත්විණි. නිපුණතා සහිත පරපුරක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවද මෙහිදී අවශ්‍ය බව නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම රැකියා වෙළදපොළට සරිලන පරිදි අවශ්‍ය වෘත්තිය පුහුණුව සහිත පුහුණු ශ්‍රමිකයන් අධ්‍යාපන ක්‍රමය තුළින්ම බිහිකිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය.


    රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, වෛද්‍ය සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, ඒ. එල්. එම් අතාවුල්ලා, පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීම්වලට පැමිණ සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya