අතීතයේ මෙන් නොව වර්තමානයේදී විශ්වවිද්‍යාලවල ස්වරූපය ක්‍රමයෙන් වෙනස් වෙන බවත් බහුතරය කාන්තාවන් විශ්ව විද්‍යාලවලට ඇතුළත්වන බවත් සමාජයක ජීවත් වීමට තිබිය යුතු අවම සුදුසුකම විනය බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල විනය ආරක්ෂක නිලධාරී වැඩමුළුවට එක්වෙමින් පැවසීය.
වර්තමානයේ විශ්වවිද්‍යාල වල 65% ත් 70% ත් අතර ප්‍රමාණයක් සිසුවියන් බවද හෙතෙම සඳහන් කළේය. කාන්තා විනය ආරක්ෂක නිලධාරින් සිටීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.